අජටාකාශගාමී ප්‍රජාව අප හමුවේ දැවැන්ත පොරොන්දු තබමින් සිටිති. පසුගිය මැයි මාසයේදී නාසා ආයතනය විසින් න්‍යෂ්ටික හා සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ස්ථිර චන්ද්‍ර කඳවුරක් පිහිටුවීම සඳහා ඩොලර් බිලියන 20ක දැවැන්ත ව්‍යාපෘතියක සැලසුම් සවිස්තරාත්මකව ඉදිරිපත් කළේ ය. ඔවුන්ගේ ඉලක්කය වන්නේ 2032 වන විට මිනිසුන්ට සඳ මත "අර්ධ-ස්ථිර" නිවාසවල ජීවත් වීමේ හැකියාව ලබා දීමයි. මීට අමතරව ඉතිහාසයේ පළමු වතාවට මිනිසුන් අඟහරු ග්‍රහයා වෙත යැවීමට ද ඔවුහු සැලසුම් කරති. නාසා ආයතනය පවසන පරිදි එම ගමන සඳහා මාස හතේ සිට දහය දක්වා කාලයක් ගත වනු ඇත.