ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu පවසන්නේ, ඩුබායි සිට Tel Aviv බලා ගමන් කළ Flydubai ගුවන් යානයේදී සහායක නියමුවාට පිහියෙන් ඇන, යානය අත්පත් කර ගැනීමට උත්සාහ කළ පුද්ගලයා “ඉස්ලාමීය අන්තවාදී මතවාදයකට යොමු කර තිබූ” බව පරීක්ෂණවලින් පෙනී යන බවයි.මෙම සිද්ධියේදී, ගමන ආරම්භ කර පැය දෙකකට පමණ පසු යානය අඩි 17,000කට (මීටර් 5,200කට) වැඩි උසකින් පහළට ඇද වැටී තිබේ. පසුව මගීන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිදුවීම පාලනය කර යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇත.මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුවත් ඒජන්සිය පවසන්නේ, මෙම සිද්ධිය කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකමකට හෝ අරමුණකට සම්බන්ධද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.The post Flydubai යානයේ සිදුවීම ගැන ඊශ්රායල අගමැතිගෙන් ප්රකාශයක් appeared first on Siyatha News.