උත්සව අවස්ථාවලදී ගායනය හෝ වාදනය කරනු ලබන ගීත සඳහා කර්තෘ භාගයක් අය කිරීමට බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මෑතකදී නිකුත් වූ ගැසට් පත්‍රයට සමගාමීව, එය ක්‍රියාවට නංවනු ලබන සංවිධානය විසින් මෑතකදී සිදු කළ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි මතභේදයකට තුඩු දී තිබේ. ඒ අනුව මෙම කර්තෘ භාග අය කරගැනීම සම්බන්ධයෙන් සංගීත නිර්මාණකරුවන් නියෝජනය කරනු ලබන සංවිධාන වලින් විමසීමක් සිදු කිරීමට බීබීසී සිංහල කටයුතු කරන ලදී.