ඔක්තෝබර් 01 දා ඇරඹෙන 'රියැදුරු අකුසලතා ලකුණු' ක්‍රමවේදයට අනුව රථවාහන වැරදි මොනවා ද?

Wait 5 sec.

ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට අනුව හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණ යටතේ රථවාහන වැරදි කරන සියලු ම රියැදුරන් සඳහා රියැදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (Driver Demerit Points System) ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සඳුදා (සැප්: 28) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ, මෙහි නියමු ව්‍යාපාතිය 2026 ඔක්තෝබර් 01 වන දින සිට 2027 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ය.