විදේශීය විශේෂඥයින් 50 දෙනෙකුට චීනයෙන් මිත්‍රත්ව සම්මාන

Wait 5 sec.

‘ 2026 වසරේ චීන රජයේ මිත්‍රත්ව සම්මානය ‘ විදේශීය විශේෂඥයින් 50 දෙනෙකුට පිරිනමා තිබේ. චීනයේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන් දැක්වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා ඇත.චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා Shen Yiqin ඊයේ(30) බෙයිජිංහි පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මානලාභී විශේෂඥයින්ට සුබ පැතුම් එක් කළාය. චීන ආර්ථිකය මේ වන විට නවෝත්පාදනය මත පදනම් වූ උසස් තත්ත්වයේ වර්ධනයක් කරා ගමන් කරමින් සිටින බව ඇය එහිදී පැවසුවාය. ලෝක ආර්ථිකයට අවශ්‍ය ස්ථාවරත්වය ලබාදීමට එය දායක වන බව ද ඇය සඳහන් කර ඇත.චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත්, චීනය සහ අනෙකුත් රටවල් අතර මිත්‍රශීලී හුවමාරු හා සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් විදේශීය විශේෂඥයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඇය අවධාරණය කළාය. චීන ජනතාව සමග එක්ව වඩා යහපත් අනාගතයක් ගොඩනැගීමට තවත් විදේශීය විශේෂඥයින්ට චීනය වෙත පැමිණ කටයුතු කරන ලෙස ද Shen Yiqin ආරාධනා කළාය.චීනය තුළ දිගුකාලීන හා ස්ථාවර වෘත්තීය සංවර්ධනයක් අපේක්ෂා කරන විදේශීය විශේෂඥයින් සඳහා සහයෝගය ලබා දෙන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.The post විදේශීය විශේෂඥයින් 50 දෙනෙකුට චීනයෙන් මිත්‍රත්ව සම්මාන appeared first on Siyatha News.