චීනයේ 77වැනි ජාතික දිනය සැමරීමේ විශේෂ භෝජන සංග්‍රහය චීන ජනපති ප්‍රධානත්වයෙන්

Wait 5 sec.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වෙයි. චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ (30) රාත්‍රී බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. එහිදී ෂී ජින්පිං ජනාධිපතිවරයා වැදගත් දේශනයක් සිදු කළේ ය.දීර්ඝකාලීන ගවේෂණය සහ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය තුළින්, චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමවේදය වඩාත් ඵලදායී බව තහවුරු වී ඇතැයි ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී පැවසීය. රටේ ජාතික පාලන පද්ධතියේ සහ කළමනාකරණ ධාරිතාවේ නවීකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතර, චීන ජාතිකයින්ගේ මහා පුනර්ජීවනය කිසිවෙකුටත් නතර කළ නොහැකි ප්‍රවණතාවක් බව ද ඔහු කියා සිටියේය.චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව හා චීන රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් ෂී ජින්පිං එම අවස්ථාවේදී, රටේ විවිධ ජන වාර්ගික ජනතාව, හමුදා නිලධාරීන්, සන්නද්ධ පොලිස් නිලධාරීන්, චීන කොමියුනිස්ට් පක්ෂ නොවන පුද්ගලයින් මෙන්ම, හොං‍කොං, මැකව් හා තායිවාන ස්වදේශිකයන් වෙත සුබ පැතුම් පිරිනැමූ අතර චීනයේ සංවර්ධනයට සහයෝගය දැක්වූ මිත්‍ර රටවල් හා විදේශීය මිතුරන් වෙත ද කෘතඥතාව පුද කළේ ය.15 වන පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරමින්, චීන ආර්ථිකය පීඩන මධ්‍යයේ ශක්තිමත් ජීව ගුණයක් පිළිබිඹු කරමින් ඉදිරියට ගමන් කර ඇත. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රටේ විවිධ කටයුතුවලදී නව ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකිව ඇති බවත් ෂී ජින්පිං පෙන්වා දුන්නේය.‘එක් රටක් ක්‍රම දෙකක්’ යන ප්‍රතිපත්තිය සහ ‘හොංකොං වැසියන් විසින් හොංකොං පාලනය කිරීම’ මෙන්ම ‘මැකව් වැසියන් විසින් මැකව් පාලනය කිරීම’ යන ඉහළ ස්වයංපාලන ක්‍රියාමාර්ග ස්ථිර ලෙස අනුගමනය කළ යුතු බව ෂී ජින්පිං අවධාරණය කළේය. මෙහිදී හොං‍කොං හා මැකව් යන විශේෂ පරිපාලන කලාප රටේ සංවර්ධනය සමග ඒකාබද්ධ කිරීමට සහාය ලබා දිය යුතු බව ද ඔහු කියාසිටියේය. තායිවාන සමුද්‍ර සන්ධි දෙපස හුවමාරු හා සහ‍යෝගිතා පුළුල් කරමින් ‘තායිවාන බෙදුම්වාදීන්’ටත් ඊට සහාය දක්වන විදෙස් බලවේගවලටත් දැඩි ලෙස විරුද්ධ විය යුතුය. එමෙන්ම තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සම්බන්ධතාවයේ සාමකාමී සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් රටේ එක්සත්භාවය ඉදිරියට ගෙන යා යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.ස්වාධීන හා සාමකාමී රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති අඛණ්ඩව අනුගමනය කළ යුතු බව ද ඔහු එහිදී සඳහන් කළේය. ගෝලීය මුලපිරුම් හතර සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම හරහා වත්මන් කැළඹිලි සහගත ලෝකයට වඩා වැඩි නිශ්චිතභාවයක් හා ශක්තියක් එක් කළ යුතු බව ෂී ජින්පිං පවසා ඇත.The post චීනයේ 77වැනි ජාතික දිනය සැමරීමේ විශේෂ භෝජන සංග්‍රහය චීන ජනපති ප්‍රධානත්වයෙන් appeared first on Siyatha News.