ප්‍රංශයේ සිසු විරෝධතා උග්‍ර අතට

Wait 5 sec.

ප්‍රංශයේ උසස් පාසල් සිසුන් සමඟ විශ්වවිද්‍යාල සිසුන්ද එක්වීමත් සමඟ, රට පුරා පැවති විරෝධතා තවදුරටත් උග්‍ර වී තිබේ. විරෝධතාකරුවන් ගිනි තැබීම් සිදුකරමින් පොලිසිය සමඟ ගැටී ඇති අතර, සතියකට ආසන්න කාලයක් පැවති බාධාකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇත. දිගු පාසල් වේලාවන්, ගුරුවරුන්ගේ හිඟය සහ අබලන් වෙමින් පවතින පාසල් පහසුකම් සම්බන්ධයෙන් උසස් පාසල් සිසුන් ආරම්භ කළ විරෝධතා වේගයෙන් ව්‍යාප්ත වී තිබේ. එය මේ වන විට “නාගරික ප්‍රචණ්ඩත්වයක්” දක්වා වර්ධනය වී ඇති බව ප්‍රංශ රජය අනතුරු අඟවා තිබේ. ගුරුවරුන් සහ සිසුන් ආරක්ෂා කිරීම සඳහා පාසල් රැසක ඉගැන්වීම් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට කටයුතු කරන බවද රජය සඳහන් කර ඇත. අගමැති Sébastien Lecornu කැබිනට් රැස්වීමක් කැඳවා ඇති අතර, විරෝධතා පාලනය කිරීම සඳහා සියලු අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සංචාරක සැලසුම් අවලංගු කරන ලෙස දැනුම් දී තිබේ.මෙම විරෝධතා පසුගිය සතියේ Paris කලාපයෙන් ආරම්භ වී පසුව රට පුරා වේගයෙන් ව්‍යාප්ත වී තිබුණි. අධ්‍යාපන අමාත්‍ය Édouard Geffray සිසුන්ගේ නියෝජිතයන් සමඟ අද (02) සාකච්ඡා කිරීමට නියමිතය. පොලිසියට අනුව, රට පුරා උසස් පාසල් ආශ්‍රිත විරෝධතා හේතුවෙන්, පාසල් 160කට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව තිබේThe post ප්‍රංශයේ සිසු විරෝධතා උග්‍ර අතට appeared first on Siyatha News.