වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.මෙම නඩුකරය අද (නොවැ: 26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබිණි.ඒ අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකාරිය අදාළ චෝදනාවට වරද පිළිගන්නා බව ය.