ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් හා පිටවීම් මාර්ග මාර්ග තාවකාලිකව වසා දැමේ

Wait 5 sec.

නව කැලණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය අතර සම්බන්ධක කොටසේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් හා පිටවීම් මාර්ග තාවකාලිකව වසා දැමීම පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව අද (23) වන දින සිට දෙසැම්බර් 01 වැනි දින දක්වා විවිධ කාලසීමාවන් තුළදී ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් හා පිටවීමේ මාර්ග තාවකාලිකව වසා තැබීමට නියමිත බවද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.අදාළ නිවේදනය මගින් කටුනායක/ මහනුවර දෙසින් ඉඟුරුකඩේ මංසන්ධිය/ කොළම වරාය දෙසට ගමන් කරන වාහන පෑලියගොඩ හෝ ඔරුගොඩවත්ත පිටවීම් භාවිතා කළ යුතු බවත් ඔරුගොඩවත්ත දෙසින් කොළඹ වරාය / ඉඟුරුකඩේ මංසන්ධිය වෙත ගමන් කරන වාහන නව කැලණි පාලම ප්‍රදේශයේ බිම් මට්ටමේ මාර්ගය ඔස්සේ පෑලියගොඩ පිවිසුමද, බොරැල්ල දෙසට දිවෙන වාහන නව කැලණි පාලම ප්‍රදේශයේ බිම් මට්ටමේ මාර්ගය භාවිත කළ යුතු බවද සඳහන් කර තිබේ.The post ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් හා පිටවීම් මාර්ග මාර්ග තාවකාලිකව වසා දැමේ appeared first on Siyatha News.