ජපාන අගමැතිනිය සහ රුසියානු ජනාධිපතිවරයා අතර හමුව රුසියාව තහවුරු කරයි

Wait 5 sec.

චීනයේ පැවති APEC සමුළුවට සමගාමීව ජපාන අගමැතිනි Takaichi Sanae සහ රුසියානු ජනාධිපති Vladimir Putin අතර පැවති මුහුණට මුහුණ සාකච්ඡාවක් පිළිබඳ රුසියානු විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.නොවැම්බර් 18 වැනිදා Shenzhen හිදී මිනිත්තු 30ක පමණ කාලයක් පැවති මෙම හමුව ජපාන අගමැතිනියගේ ඉල්ලීමක් අනුව සිදුවූ බව රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Maria Zakharova සඳහන් කළාය.ජපාන මාධ්‍යවේදියෙකු රුසියාව විසින් රඳවා තබා ගැනීම සහ Japan Tobacco සමාගමට අනුබද්ධ දේශීය සමාගම්වල වත්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ජපානයේ ස්ථාවරය ද එහිදී අගමැතිනිය විසින් ඉදිරිපත් කර තිබේ.2019 වසරෙන් පසු දෙරටේ නායකයන් මුහුණට මුහුණ හමුවූ පළමු අවස්ථාව මෙයයි. දෙරට අතර පවතින අර්බුදකාරී සබඳතා යම් තරමකින් හෝ යහපත් කර ගැනීමට මෙම සාකච්ඡාව දායක වනු ඇතැයි රුසියාව අපේක්ෂා කරයි.The post ජපාන අගමැතිනිය සහ රුසියානු ජනාධිපතිවරයා අතර හමුව රුසියාව තහවුරු කරයි appeared first on Siyatha News.