අමෙරිකාවට බලපෑ ප්‍රබල කුණාටුවෙන් ගමනාගමනයට හා විදුලි සැපයුමට බාධා

Wait 5 sec.

අමෙරිකාවේ Midwest සහ ඊසානදිග ප්‍රදේශවලට බලපෑ ප්‍රබල Thanksgiving කුණාටුව හේතුවෙන් අධික වර්ෂාව, තද සුළං සහ ගංවතුර තත්ත්වයන් ඇතිව තිබේ.ඊයේ(26) පමණක් ගුවන් ගමන් 400කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තවත් ගුවන් ගමන් 2,200කට වැඩි සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇත. කුණාටුව හේතුවෙන් නිවාස හා ව්‍යාපාරික ස්ථාන 980,000කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී තිබේ. Pennsylvania, Virginia, Maryland සහ New Jersey ප්‍රාන්තවලට එහි දැඩි බලපෑම් එල්ල වී ඇත.තද සුළං සහ මුහුදු රළ හේතුවෙන් මාර්ග හා පාලම් වසා දැමීමට ද සිදුව ඇති අතර, New Jersey සහ New York ප්‍රාන්තවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් New York හි වාර්ෂික Macy’s Thanksgiving පෙළපාළිය ද සෙනසුරාදා දක්වා කල් දමා ඇත.The post අමෙරිකාවට බලපෑ ප්‍රබල කුණාටුවෙන් ගමනාගමනයට හා විදුලි සැපයුමට බාධා appeared first on Siyatha News.