චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සඳහා සහභාගී වන ගගනගාමීන් තිදෙනා නම් කර තිබේ.ඒ අනුව, චීන ගගනගාමීන් වන Tang Hongbo, Wu Yi සහ පාකිස්ථාන ගගනගාමී Muhammad Zeeshan Ali එම මෙහෙයුමට එක්වීමට නියමිතය. එහි අණදෙන නිලධාරියා ලෙස Tang Hongbo කටයුතු කරනු ඇතැයි චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය ඊයේ(24) නිවේදනය කළේය.මෙම ගගනගාමීන් තිදෙනා පිළිවෙළින් අභ්‍යවකාශ යානා නියමුවකු, පියාසර ඉංජිනේරුවකු සහ විද්‍යාත්මක පර්යේෂණ උපකරණ භාර විශේෂඥයකු ලෙස කටයුතු කරනු ඇත.Tang Hongbo මීට පෙර Shenzhou-24 සහ Shenzhou-17 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සහභාගී වී තිබේ. ඒ අනුව, චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත තෙවරක් ගමන් කරන පළමු ගගනගාමියා බවට පත්වීමේ අවස්ථාව ඔහුට හිමිවනු ඇත.චීනයේ තෙවැනි කණ්ඩායමේ ගගනගාමියකු වන Wu Yi සිය පළමු අභ්‍යවකාශ මෙහෙයුමට එක්වීමට නියමිතය. පාකිස්ථාන ගගනගාමී Muhammad Zeeshan Ali ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසෙන පළමු විදේශීය ගගනගාමියා බවට පත්වනු ඇත.Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය හෙට(25) බෙයිජිං වේලාවෙන් පෙරවරු 8.18ට වයඹදිග චීනයේ ජියුචුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට සැලසුම් කර තිබේ. චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රකාශක ෂැං ජිංබෝ මහතා මේ බව මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.The post චීනයේ Shenzhou-24 අභ්යවකාශ මෙහෙයුමට චීන සහ පාකිස්ථාන ගගනගාමීන් නම් කෙරේ appeared first on Siyatha News.