රුසියාව න්‍යෂ්ටික යුධ ශීර්ෂයක් සහිත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවීමට සූදානම් වන බවට පළ වූ වාර්තා හමුවේ, අභ්‍යවකාශ ක්ෂේත්‍රයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීමට NATO සූදානම් බව එහි මහලේකම් Mark Rutte ප්‍රකාශ කර තිබේ.ඉදිරි දින 60 තුළ එවැනි චන්ද්‍රිකාවක් දියත් කිරීමේ හැකියාවක් පිළිබඳ බුද්ධි තොරතුරු මේ මාසයේ NATO සාමාජික රටවල් අතර හුවමාරු වී ඇති බව ජර්මානු මාධ්‍ය වාර්තා කර ඇත.ජර්මානු මාධ්‍ය වාර්තාවලට අනුව, Sputnik-S ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාවට න්‍යෂ්ටික යුධ ශීර්ෂයක් සවි කර ඇති අතර, සන්නිවේදන හා නිරීක්ෂණ කටයුතු සඳහා භාවිත කරන චන්ද්‍රිකා ඇතුළු අනෙකුත් චන්ද්‍රිකා අඩපණ කිරීමට හෝ විනාශ කිරීමට එය යොදාගත හැකිය.කෙසේ වෙතත්, රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඒවා පදනම් විරහිත ප්‍රකාශ සහ ප්‍රචාරක මෙහෙයුමක කොටසක් බව සඳහන් කර තිබේ.The post රුසියාව න්යෂ්ටික අවි සහිත චන්ද්රිකාවක් අභ්යවකාශයට යැවීමට සූදානම් වන බවට වාර්තා – NATO අනතුරු අඟවයි appeared first on Siyatha News.