අනුරාධපුර රුවන්වැලිසෑය ආසන්නයේ පිහිටි දන්සල් පරිශ්රයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පවත්වාගෙන ගිය මාරාන්තික උපවාසයට මැර කල්ලියක් සමඟ කඩා වැදුණු රාජාංගණයේ සද්ධාරතන හිමිට අතින් පයින් සහ පොලුවලින් පහර දී තුවාල සිදු කළ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පස්නම සහ අනෙකුත් සැකකරුවන් ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න අද (නොවැ:26 වැනිදා) නියෝග කළේ ය.