ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීමේ වරදට හිටපු ඇමති ජොන්ස්ටන්ට ලැබුණු දඬුවම් මෙන්න

Wait 5 sec.

ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීම ඇතුළු මෝටර් රථ ප්‍රවාහන පනතේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අත්හිටවූ සිර දඬුවම් නියම කළ අතර දඩ මුදල් ගෙවන ලෙස ද නියෝග කළේ ය.මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ වූ චෝදනා කිහිපයකට වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.