"වත්මන් පනත ක්‍රියාත්මක වීමට පෙර ආරම්භ කළ විමර්ශනයක් සම්බන්ධයෙන් එවැනි සහතිකයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නෑ. මෙය සම්පූර්ණයෙන් ම බලය අවභාවිත කිරීමක්. පුද්ගල නිදහස අහිමි කිරීමක්. අධිකරණය කිසිදු අවස්ථාවක විධායකයේ දිගුවක් බවට පත්විය යුතු නෑ. ඒ අනුව මෙම අවස්ථාවේදී මගේ සේවාදායකයාට ඇප පනත අදාළ වෙනවා. සැකකරුවෙකු රිමාන්ඩ් කිරීම අපේ රටේ නීතිය නොවේ. ඇප දීම තමයි නීතිය."