31වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව (COP31) අවසන් වේ. සති දෙකක් පුරා තුර්කියේ Antalya නුවර පැවති, ඊයේ(22) අවසන් වූ එම සමුළුවේදී සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු සැලකිල්ලට ලක් වූ කරුණු සම්බන්ධව තීරණ රැසක් ගෙන ඇතත් ‍එහි කේන්ද්‍රීය කරුණු පිළිබඳව ඇතැම් රටවල් අතර දැඩි මතභේද පැවතීම හේතුවෙන් අවසාන එකඟතාවකට පැමිණීමට නොහැකි විය.මේ සම්බන්ධයෙන් සමුළුවට එක්වූ චීන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, චීන උප ජෛව පරිසර ඇමති ලි ගාඕ කියාසිටියේ, COP31 සමුළුවෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීමට දැඩි සහායක් දුන් සාමාජික රටක් වශයෙන් චීනය ඉතා කනගාටු වන බවයි. ගෝලීය දේශගුණ කළමනාකරණය කිසිදා පහසු කාර්යයක් නොවන බවත්, මානව ප්‍රජාවේ පොදු අභියෝගයක් වන දේශගුණ විපර්යාසයට මුහුණ දීමට එකම විසඳුම වන්නේ බහුපාර්ශ්වාදය, සමගිය හා සහයෝගීතාව බවත්, පෙන්වා දී ඇත.COP31 සමුළුව අවසාන එකඟතාවකට නොපැමිණීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres ද සිය දැඩි කනගාටුව පළ කර තිබේ. COP31 සමුළුවේදී අවසාන එකඟතාවකට නොපැමිණිය ද දේශගුණ විපර්යාස යන යථාර්ථය වෙනස් නොවන බව හෙතෙම සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් කියා සිටියේය. කළ යුතු දේ යළි යළිත් පමා කිරීමෙන් මානව ප්‍රජාව දේශගුණ විපර්යාස හේතුවෙන් තව තවත් වන්දි ගෙවනු ඇතැයි හෙතෙම පෙන්වා දී ඇත.The post COP31 දේශගුණ සමුළුව අවසන් එකඟතාවකින් තොරව අවසන් වීම ගැන චීනය කනගාටුව පළ කරයි appeared first on Siyatha News.