චීනය සහ සිංගප්පූරුව අතර සංවර්ධන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර

Wait 5 sec.

චීනය සහ සිංගප්පූරුව අතර ද්විපාර්ශ්වික සහයෝගීතා යාන්ත්‍රණය උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් කෘත්‍රිම බුද්ධිය සහ පරිසර හිතකාමී  සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට චීනය සූදානම් බව, චීන උප අග්‍රාමාත්‍ය Ding Xuexiang පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) සිංගප්පූරුවේදී එරට අග්‍රාමාත්‍ය Lawrence Wong හමු වූ අවස්ථාවේදීය.සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Gan Kim Yong සමග පැවැත්වෙන ද්විපාර්ශ්වික සහයෝගීතා යාන්ත්‍රණ රැස්වීම්වල සම සභාපතිත්වය දැරීම සඳහා Ding Xuexiang මේ දිනවල සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටී.සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ සාර්ථක චීන සංචාරය සහ APEC ආර්ථික නායකයන්ගේ සමුළුවට සහභාගී වීම පිළිබඳව Ding Xuexiang, එරටට සිය සුබපැතුම් පළ කළේය. දෙරටේ නායකයන්ගේ අවධානය සහ මගපෙන්වීම යටතේ චීන-සිංගප්පූරු ද්විපාර්ශ්වික සහයෝගීතා යාන්ත්‍රණ රැස්වීම් අඛණ්ඩව පුළුල් වෙමින් නව ජයග්‍රහණ අත්කරගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.The post චීනය සහ සිංගප්පූරුව අතර සංවර්ධන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර appeared first on Siyatha News.