ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත සේවාවන් අටක III ශ්‍රේණියේ (විධායක) පවතින පුරප්පාඩු 974ක් සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ පොදු තරග විභාගයට අයැදුම්පත් කැඳවා තිබේ. ඊට අදාළ තරග විභාගය 2027 පෙබරවාරි මාසයේදී දිවයිනේ සියලු ම පළාත්වල ප්‍රධාන නගරවලදී පැවැත්වීමට නියමිත ය. 2026 නොවැම්බර් 16 වන දින පෙරවරු 9.00 සිට 2026 දෙසැම්බර් 11 වැනි දින පස්වරු 9.00 දක්වා අයැදුම්පත් භාර ගැනේ.