Nvidia සමාගම වගකීම්සහගත ආයතනයක් බව අමෙරිකානු නීතිපතිවරයා පවසයි

Wait 5 sec.

Nvidia සමාගම වගකීම්සහගත ලෙස කටයුතු කරන ආයතනයක් බව අමෙරිකානු නීතිපති Todd Blanche ප්‍රකාශ කර තිබේ. එහෙත් එම කෘත්‍රිම බුද්ධි (AI) චිප් නිෂ්පාදන සමාගම ෆෙඩරල් විමර්ශනයකට ලක්ව තිබේද යන්න පිළිබඳව අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කර ඇත.නැවත ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් වූ Jensen Huang ගේ ආරක්ෂක අවසරය (Security Clearance) පිළිබඳව තමන්ට කිසිදු තොරතුරක් නොමැති බව ද Blanche පවසා තිබේ. Huang නැවත එම ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති Donald Trump ගේ මැදිහත්වීම පිළිබඳව අමෙරිකානු නීති සම්පාදකයන් පිළිතුරු ඉල්ලා සිටින පසුබිමක මෙම ප්‍රකාශය සිදු කර ඇත.විවාහයෙන් පිටත පැවැති සබඳතා පිළිබඳ හෙළිදරව් වීමෙන් පසුව Huang හට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර, චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන කාන්තාවක් සමඟ පැවැති සබඳතාවක් ද ඒ අතර විය. කෙසේ වෙතත්, සති දෙකකටත් අඩු කාලයකදී ඔහුට නැවත එම ධුරය හිමි වී තිබේ.පසුගියදා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් Blanche කියා සිටියේ, අධිකරණ දෙපාර්තමේන්තුව හෝ FBI ආයතනය Huang සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර තිබේද යන්න පිළිබඳව තමන්ට තොරතුරු නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් කිහිප වරක් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ, “ඔබ කුමක් ගැන කතා කරනවාදැයි මට වැටහෙන්නේ නැහැ” යනුවෙනි.Huang ලබන සතියේ අමෙරිකානු කොංග්‍රසය හමුවේ පෙනී සිටීමට නියමිතය. Nvidia සමාගමේ සිංගප්පූරුව පදනම් කරගත් ව්‍යාපාරික ගනුදෙනුකරුවෙකු වන Megaspeed සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ, චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන කාන්තාව සමඟ Huang පැවැත්වූ සබඳතාව සම්බන්ධයෙන් මතුව ඇති ජාතික ආරක්ෂක ගැටලු පිළිබඳව එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.The post Nvidia සමාගම වගකීම්සහගත ආයතනයක් බව අමෙරිකානු නීතිපතිවරයා පවසයි appeared first on Siyatha News.