රටවල් හා වෙළෙඳ බල ප්‍රදේශ 16කට නව තීරුබදු පැනවීමට අමෙරිකාව සූදානම් වෙයි

Wait 5 sec.

රටවල් කිහිපයකින් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරුබදු පැනවීමට අමෙරිකානු රජය සූදානම් වන බව BBC වාර්තා කරයි.මෙම නව ආනයන බදු හේතුවෙන් අමෙරිකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් රැසකට බලපෑම් එල්ල වනු ඇත. ඒ අතර චීනය, යුරෝපා සංගමය, මෙක්සිකෝව සහ ජපානය ඇතුළු රටවල් හා වෙළෙඳ බල ප්‍රදේශ 16ක් ද ඇතුළත් වේ.අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති Donald Trump ගේ ‘Liberation Day’ තීරුබදු නීතිවිරෝධී බවට තීන්දු කිරීමෙන් පසුව, ධවල මන්දිරය විසින් ආරම්භ කළ ‘Section 301’ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන තිබේ. එම විමර්ශනය පසුගිය මාර්තු මාසයේදී ආරම්භ කෙරිණි.තීරුබදු පැනවීම ජනාධිපති Trump ගේ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් වන අතර, එමගින් අමෙරිකාවේ නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කර රැකියා අවස්ථා ඉහළ නැංවිය හැකි බව ඔහුගේ අදහසයි.නව තීරුබදු යටතේ, ජනාධිපති Trump සමඟ මීට පෙර ඇති කරගත් වෙළෙඳ ගිවිසුම් අනුව එක් එක් රටට පනවන ආනයන බදු අනුපාත වෙනස් වනු ඇත.මෙම තීරණය හේතුවෙන් ලොව විශාලතම ආර්ථිකයන් දෙක වන අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ මතභේද තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් පවතී. පසුගිය සතියේ ජනාධිපති Trump සහ චීන ජනාධිපති Xi Jinping අතර හමුවක් පැවැත්වුණ ද, දෙපාර්ශ්වය අතර පවතින ගැටලු තවමත් සම්පූර්ණයෙන් විසඳී නොමැත. තාවකාලික වෙළෙඳ එකඟතාව ද ජනවාරි 10 වැනිදා අවසන් වීමට නියමිතය.The post රටවල් හා වෙළෙඳ බල ප්‍රදේශ 16කට නව තීරුබදු පැනවීමට අමෙරිකාව සූදානම් වෙයි appeared first on Siyatha News.