2025 නොවැම්බර් 27 වන දා රාත්‍රිය මුළු රම්බඩගමට ම අඳුරු, බිහිසුණු රාත්‍රියක් විය. දින තුනක සිට විදුලිය සහ දුරකතන සබඳතා ඇණහිට තිබූ පසුබිමක, එදින රාත්‍රියේ පැවතියේ දැඩි වර්ෂාවකි. රාත්‍රී 10.30ට පමණ මුදියන්සේ මාමා සිය නිවසේ කුස්සිය පැත්තේ සිටියදී, එකවර ම පොළොව ගැස්සෙනු ඔහුට දැනිණි."එකපාරට ම පොළොව ගැස්සුණා. ගැස්සෙනකොට ම මම උඩ බැලුවා, එතකොට වහලෙත් නෑ මොකවත් නෑ. එකපාරට ම බරස් ගාලා ආවා මේක කඩාගෙන බිඳගෙන. පසු යි, ගසු යි සම්පූර්ණයෙන් ම ආවා," මුදියන්සේ ඒ බිහිසුණු මොහොත සිහිපත් කළේ ය.