ඉරානය සමඟ පවතින යුද්ධය හේතුවෙන් මේ වන විට ඇමරිකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5ක් (පවුම් බිලියන 28ක්) වැය වී ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth පවසයි. එය පසුගිය මැයි මාසයේ ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 8කට ආසන්න වැඩිවීමකි. ඔහු සඳහන් කළේ, කොංග්‍රසය විසින් අතිරේක අරමුදල් ඉක්මනින් අනුමත නොකළහොත් හමුදා පුහුණු වැඩසටහන් සීමා කිරීමට සිදුවන බවයි.ඒ අනුව, තම දෙපාර්තමේන්තුව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 87ක අතිරේක අරමුදලක් කොංග්‍රසයෙන් ඉල්ලා ඇති අතර, එයින් ඩොලර් බිලියන 67ක් මැදපෙරදිග හමුදා මෙහෙයුම් සඳහා වෙන් කිරීමට නියමිත බව ඔහු පැවසීය. මේ අතර, ඊළඟ මූල්‍ය වර්ෂය සඳහා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක අයවැයක් අනුමත කරන ලෙස ධවල මන්දිරය පසුගිය අප්‍රේල් මාසයේදී කොංග්‍රසයෙන් ඉල්ලා තිබේ. එය අනුමත වුවහොත්, නූතන ඉතිහාසයේ ඇමරිකාවේ ඉහළම හමුදා වියදම ලෙස වාර්තා වනු ඇත.The post ඉරානය සමඟ යුද්ධයට මෙතෙක් ඇමරිකාව වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5ක් appeared first on Siyatha News.