ප්‍රංශයේ නව “සුපිරි විලාසිතා විරෝධී” නීතිය ලෝක වෙළඳ සංවිධානයේ මූලධර්මයන්ට එරෙහි වීමක් බව චීනය කියයි

Wait 5 sec.

ප්‍රංශ රජය පසුගියදා පැනවූ“සුපිරි විලාසිතා විරෝධී”නීතිය ( “Anti Super Fashion” law ) සම්බන්ධයෙන් චීනය සිය ප්‍රතිචාරය දක්වා ඇත. චීන වාණිජ අමාත්‍යාංශය මේ පිළිබඳ අදහස් දක්වමින් ඊයේ (22) සඳහන් කළේ, චීන ආයෝජන යටතේ සිදු කෙරෙන අන්තර්ජාල ගනුදෙනු වේදිකා සීමා කිරීම මෙහි අරමුණ බවයි.මෙම නීතිය මගින් ප්‍රංශ රජය ඇඟලුම් කර්මාන්තයෙහි සාධාරණ තරගකාරීත්වයට බාධා කරමින් චීන ව්‍යවාසයන්හි නීත්‍යනුකූල අයිතීන්ට පමණක් නොව ප්‍රංශ පාරිභෝගිකයන්ගේ යහපතට ද හානි සිදු කර ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දෙයි.ප්‍රංශය මෙවැනි නීතියක් පැනවීම, ලෝක වෙළඳ සංවිධානයේ වෙනස්කම් නොකිරීමේ මූලධර්මය උල්ලංඝනය කළ අතර චීනයට එරෙහිව වෙළඳ බාධකයක් ඇති කිරීමක් ද වේ.The post ප්‍රංශයේ නව “සුපිරි විලාසිතා විරෝධී” නීතිය ලෝක වෙළඳ සංවිධානයේ මූලධර්මයන්ට එරෙහි වීමක් බව චීනය කියයි appeared first on Siyatha News.