ඇමෙරිකාව සහ සෞදි අරාබිය අතර, ගල්ෆ් රාජධානියට සිවිල් න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනක් සංවර්ධනය කිරීමට අවස්ථාව සලසන ඓතිහාසික ගිවිසුමක් අත්සන් කර තිබේ.ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවට අනුව, මෙම ගිවිසුම “සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක්” වන අතර, සෞදි අරාබියේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන සඳහා ඇමෙරිකානු සමාගම්වලට පුළුල් ප්‍රවේශයක් ලබාදීමට ද එය ඉවහල් වේ.ගිවිසුමේ සම්පූර්ණ තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති නමුත්, ඇමරිකාවේ මාධ්‍ය වාර්තා කළේ අනාගතයේදී සෞදි අරාබියට යුරේනියම් ධාරිතාව ඉහළ නැංවීමේ හැකියාව මෙම ගිවිසුම මඟින් හිමිවිය හැකි බවයි. එම යුරේනියම් න්‍යෂ්ටික විදුලි බලාගාර සඳහා භාවිත කළ හැකි අතර, න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා ද යොදාගත හැකිය.මෙම ගිවිසුමට සමගාමීව ද්විපාර්ශ්වික න්‍යෂ්ටික ආරක්ෂණ ගිවිසුමක් ද අත්සන් කර ඇති බව ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.The post ඇමෙරිකාව සහ සෞදි අරාබිය අතර ඓතිහාසික සිවිල් න්යෂ්ටික බලශක්ති ගිවිසුමක් appeared first on Siyatha News.