චීන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක්

Wait 5 sec.

චීන විදේශ අමාත්‍ය වං යී ඊයේ (22) පිලිපී‍නයේ මැනිලා අගනුවරදී ඇමරිකානු රාජ්‍ය ලේකම් Marco Rubio හමුවිය.මෙම වසර චීන-ඇමරිකා සබඳතාවට වැදගත් වසරක් බව වං යී එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය. දෙරටේ නායකයන්ගේ එකඟතා, කඩිනමින් දෙරටේ රජයන්හි මෙන් ම විවිධ ක්ෂේත්‍රවල සැබෑවක් බවට පත් කළ යුතු බව ‍හෙතෙම පැවසීය. දෙරට අතර උපායමාර්ගික ස්ථාවරත්වය හා ඵලදායී හුවමාරුව තුළින් ලෝක සාමය හා ජාත්‍යන්තර සහයෝගිතාව ප්‍රවර්ධනය කළ යුතු බව ඔහු ‍අවධාරණය ක‍ර ඇත.මෑතකදී ඇමරිකාව සිදු කළ ඍණාත්මක ප්‍රකාශ හා ක්‍රියා සම්බන්ධයෙන් ද වං යී එහිදී චීනයේ දැඩි ස්ථාවරය පැහැදිලි කළේය. එක ම චීනය මූලධර්මය අනුගමනය කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. මත භේද මනාව පාලනය කරමින් චීනයේ සාධාරණ ස්ථාවරයට ඇමරිකාව ගරු කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.දෙරටේ නායකයන් ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කරමින්, දෙරට අතර උපායමාර්ගික ස්ථාවරත්වය සහිත ඵලදායී සබඳතාව ප්‍රවර්ධනය කළ යුතු බවට දෙපාර්ශ්වය එම අවස්ථාවේදී එකඟතාවකට පැමිණ ඇත.The post චීන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක් appeared first on Siyatha News.