කැනඩාවේ ඇතැම් භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබදු පැනවීමට ඇමරිකාව තීරණය කරයි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට අදාළ ප්‍රකාශන තුනකට අත්සන් තබමින් මෙම තීරුබදු පැනවීම සිදු කර ඇත. කැනඩාව ඇමරිකාවේ වාණිජ කටයුතුවලදී වෙනස්ව සැලකීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ට්‍රම්ප්‍ පැවසීය. ධවල මන්දිර වෙබ් අඩවියේ වාර්තාවලටලට අනුව, ඇතැම් කිරි නිෂ්පාදන, මත්පැන්, මෝටර් රථ සහ ඊට අදාළ භාණ්ඩ සඳහා මෙම අමතර සියයට 50ක තීරුබදු පනවා ඇති අතර එය අගෝස්තු 19වනදා සිට බලාත්මකය. එමෙන්ම බලශක්ති නිෂ්පාදන, මත්ස්‍ය සහ විශේෂිත ඛනිජ වර්ග මෙම බද්දෙන් නිදහස් කර ඇත.මේ අතර ඇමරිකා-කැනඩා-මෙක්සිකෝ ගිවිසුමේ(USMCA) අනුමැතිය යටතේ තීරුබදු රහිත කොටසට අදාළ නොවන ඇමරිකානු මෝටර් රථ ආනයන සඳහා කැනඩාව 2025 අප්‍රේල් 9 වන දින සිට සියයට 25ක තීරුබද්දක් පවත්වා ගෙන යන බව ට්‍රම්ප් පැවසීය. එමෙන්ම එම ගිවිසුම ප්‍රකාරව තීරුබදු රහිත කොටසට අදාළ වන ඇමරිකා මෝටර් රථ සඳහා ද කැනඩාව තීරුබදු අනුපාත කෝටාවක් ද ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.The post කැනඩාවේ භාණ්ඩ කිහිපයකට ඇමරිකාවෙන් තීරුබදු appeared first on Siyatha News.