'ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි': කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් හදිසියේ ක්‍රීඩාවෙන් සමුගනී

Wait 5 sec.

ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් නිවේදනය කර තිබේ.සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, "ක්‍රීඩා කිරීමට තවත් කාලය තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමට ගත් තීරණය පහසු නොවුණු බව" ය."ඒත් අවසානයේ ඒ තීරණය නොගෙන බැරි තැනට පත් වුණා. ඒ ඇයි කියලා මොකක් ද සිද්ධ උණේ කියලා අපි කතා කරමු. ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු. බෙදා ගන්නට ඇති අත්දැකීම් බොහෝමයි. ඊළඟ පරිච්ඡේදයේදී හමුවෙමු," ඔහු එහි සඳහන් කර ඇත.