චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා බෙලරුසියා විදේශ අමාත්‍ය Maxim Ryzhenkov සහ උස්බෙකිස්තාන විදේශ අමාත්‍ය Bakhtiyor Saidov ඊයේ(23) හමු විය. ඒ කිර්ගිස්තානයේ පැවති ශංහයි සහයෝගිතා සංවිධානයේ(SCO) සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ මණ්ඩලය රැස්වීමට සහභාගී වීමට පෙරය.බෙලරුසියා විදේශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී Wang Yi පැවසුවේ, චීනය සහ බෙලරුසියාව විශ්වාසවන්ත හවුල්කරුවන් ලෙස දෙර‍ට නායකයින්ගේ උපායමාර්ගික මගපෙන්වීම ය‍ටතේ ද්විපාර්ශ්වික පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය වර්තමානය වනවිට තවදුරටත් ශක්තිමත් කර ගෙන ඇති බවය. ලබන වසරේ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 35ක් සපිරෙයි. මෙම ඓතිහාසික ආරම්භයේ සිට රාජ්‍ය නායකයින් දෙපළගේ උපදෙස් අනුව සියලු ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීම, සංවර්ධන උපායමාර්ග වැඩිදියුණු කිරීම, පාලන අත්දැකීම් හුවමාරු කර ගැනීම, ද්විපාර්ශ්වික සබඳතාවල උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙන්ම දෙරට ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දීමට බෙලරුසියාව සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව Wang Yi ප්‍රකාශ කළේය. චීනය අඛණ්ඩව බෙලරුසියාවේ ස්වෛරීභාවය, නිදහස සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහාය ලබා දෙනු ඇත.මෙහිදී Maxim Ryzhenkov සඳහන් කළේ, දෙර‍ට නායකයින් ඉහළ මට්ටමේ සබඳතා පවත්වා ඇති අතර එම ද්විපාර්ශ්වික සබඳතා පෙර නොවූ විරූ මට්ටමකට ළඟා වී ඇති බවය. දිගුකාලයක් තිස්සේ චීනය ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඔහු ස්තුතිය පළ කර අතර චීනයේ සාර්ථක අත්දැකීම් ඔස්සේ සිය සංවර්ධන මාවත ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පැවසීය. මෙහිදී චීනය සහ බෙලරුසියාව අතර 2026-2027 උපදේශන සැලැස්මට දෙපාර්ශ්වය අත්සන් තබා ඇත.The post චීන විදේශ අමාත්යවරයා බෙලරුසියා සහ උස්බෙකිස්තාන විදේශ අමාත්යවරුන් හමුවෙයි appeared first on Siyatha News.