වෙනිසියුලානු ජනපති නිදහස් කරන්නැයි ඉල්ලා ජනතා උද්ඝෝෂණ 

Wait 5 sec.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ මහතා නිදහස් කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටිමින් එරට ජනතාව උද්ඝෝෂණ අරඹා ඇත.ඇමරිකාවේ රඳවා සිටින වෙනිසියුලානු ජනපතිවරයා සහ ඔහුගේ ආර්යාව නිදහස් කරන්නැයි ඇමරිකාවෙන් ඉල්ලා සිටීම සඳහා එරට සිය ගණන් ජනයා මෙම උද්ඝෝෂණය සඳහා පැමිණ සිටියේ Caracas නගරය වෙතයි.මෙම උද්ඝෝෂණය Caracas නාගරාධිපති Carmen Meléndez මහත්මිය හා නිකොලස් මධුරෝ මහතාගේ පුත්‍රයා වන Nicolás Ernesto Maduro Guerra මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණ.නිකොලස් මධුරෝ මහතාට එල්ල වූ කිසිදු අපරාධ චෝදනාවක් සඳහා සාක්ෂි නොමැති බැවින් ඇමරිකාව සිදු කළ අදාළ නඩු විභාගය මූලික වශයෙන් නීත්‍යනුකූල නොවන එකක් බව Nicolás Ernesto Maduro Guerra මහතා එහිදී පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියේය. The post වෙනිසියුලානු ජනපති නිදහස් කරන්නැයි ඉල්ලා ජනතා උද්ඝෝෂණ  appeared first on Siyatha News.