2026 වසරේ ජාත්‍යන්තර ගණිතඥයන්ගේ සම්මේලනය ඊයේ(23) ඇමරිකාවේ Philadelphia නගරයේදී ආරම්භ විය. සම්මේලනයේ සමාරම්භක උත්සවයේදී, චීන ගණිතඥයන් වන Deng Yu සහ Wang Hong, Fields පදක්කම දිනා ගත් බව නිවේදනය කෙරිණ. Fields පදක්කම ප්‍රදානය කිරීම ඇරඹීමෙන් පසු, මෙය දිනාගත් තුන්වන කාන්තාව බවට Wang Hong පත්විය.මෙය චීන ගණිතඥයන් Fields පදක්කම් දිනාගත් පළමු අවස්ථාව සනිටුහන් කරයි. Fields පදක්කම යනු වයස අවුරුදු 40ට අඩු ගණිතඥයන් ඇගයීම සඳහා ජාත්‍යන්තර ගණිත සංගමය විසින් ඇරඹූ විශිෂ්ට ඇගයීමකි. මෙම සම්මානය සෑම වසර හතරකට වරක් පිරිනමනු ලබන අතර,. ශාස්ත්‍රීය වශයෙන් ඇති ඉහළ පිළිගැනීම සහ විධිමත් තේරීම් නිර්ණායක නිසා ගණිතයේ “නොබෙල් ත්‍යාගය” ලෙස ද, Fields පදක්කම සැලකෙයිThe post චීන ගණිතඥයන් දෙදෙනෙකුට පළමු වරට Fields පදක්කම appeared first on Siyatha News.