ඇමරිකාවේ නව තීරු බදු අද සිට 

Wait 5 sec.

1974 වෙළඳ පනතේ 301වන වගන්තියට අනුව, අද(24) සිට ආර්ථිකයන් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට 12.5 දක්වා තීරු බදු පැනවීමට කටයුතු කරන බව ඇමරිකාව පවසයි. ලොව පුරා භාණ්ඩ සඳහා පනවා තිබූ තාවකාලික සියයට 10ක තීරු බදු කාලය අදින් අවසන් වේ.පෙබරවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයවිසින් ට්‍රම්ප්ගේ පුළුල් තීරු බදු වැඩසටහන් අවලංගු කිරීමෙන් පසුව, ඇමරිකානු පරිපාලනය එම තාවකාලික බදු ක්‍රමයට යොමු වී තිබුණි.සාධාරණීකරණය කළ නොහැකි වෙළඳ ක්‍රියාමාර්ගවල නිරත වන බව හඳුනාගත් රටවලට එරෙහිව ආනයන බදු සහ වෙනත් සම්බාධක පැනවීමට ඉඩ සලසන වඩා ස්ථාවර නීතිමය ක්‍රමවේදයක් ලෙස 301වන වගන්තිය හැඳින්වියහැකි බව ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය සඳහන් කර ඇත. නවතම තීරු බදු පැනවීම සඳහා එම ආයතනය ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් පදනම් කරගෙන ඇත.ඇමරිකාව සියවසකට ආසන්න කාලයක් බලහත්කාරී ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කර ඇති අතර එය දැඩි ලෙස ක්‍රියාත්මක කරයි. සිය වෙළඳ හවුල්කරුවන් ද එසේ කිරීමට කාලය පැමිණ ඇත යනුවෙන් ඇමරිකානු වෙළඳ නියෝජිත Jamieson Greer ප්‍රකාශ කර තිබේ. මෙම ක්‍රියාමාර්ගය මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ වෙළඳ ක්‍රියාමාර්ග විකෘති කිරීම් නිවැරදි කිරීමට ආරම්භයක් වන අතර, ලොව පුරා කම්කරුවන්ගේ සුභසාධනය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත යනුවෙන් ද ඔහු පැවසීය.ඇමරිකානු වෙළඳ නියෝජිත ආයතනය තීරණය කර ඇත්තේ, බලහත්කාරී ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කරන, අන්‍යෝන්‍ය වෙළඳ ගිවිසුම හරහා එවැනි තහනමක් ක්‍රියාත්මක කිරීමට එකඟ වූ හෝ එවැනි භාණ්ඩ ආනයනය වැළැක්වීමට අර්ධ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති ආර්ථිකයන් සඳහා සියයට 10ක බදු අනුපාතයක් යෙදවීමටය.එම ආර්ථිකයන් අතර ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සහ එක්සත් රාජධානිය ඇතුළත් වේ.යුරෝපා සංගමය, ජපානය, දකුණු කොරියාව සහ ස්විට්සර්ලන්තය ඇතුළු ආර්ථිකයන්ගෙන් නිදහස් නොකළ ඇතැම් භාණ්ඩ සඳහා MFN බදු අනුපාතය සැලකිල්ලට ගනිමින් සියයට 10 හෝ 12.5 අතර වෙනස් වන බදු අනුපාතයක් යෙදේ. අනෙකුත් විමර්ශනයන්ට ලක් කළ ආර්ථිකයන් සඳහා සියයට 12.5ක තීරු බද්දක් පනවනු ඇත.විශේෂයෙන්, ට්‍රම්ප් පරිපාලනය ඇතැම් භාණ්ඩ සඳහා නිදහස් කිරීම් ද ලබා දී ඇත. ඒ අතර දේශීය සැපයුම් හිඟයක් හෝ සමස්ත ආර්ථිකයට බාධාවක් ඇති කළ හැකි භාණ්ඩ මෙන්ම, එක්සත් ජනපදය තුළ ප්‍රමාණවත් ප්‍රමාණයකින්, සාධාරණ මිලකට වගා කිරීමට හෝ නිෂ්පාදනය කිරීමට නොහැකි භාණ්ඩ ඇතුළත් වේ.මාර්තු මාසයේදී ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය වෙනම පරීක්ෂණයක් ද ආරම්භ කරන ලදී. එහි අරමුණ වූයේ, එක්සත් ජනපද ආනයනවලින් සියයට 70කට පමණ දායක වන රටවල් 16ක් අධික ලෙස භාණ්ඩ නිෂ්පාදනය කරමින් සිටීද යන්න සොයා බැලීමයි. එවැනි අධික නිෂ්පාදන හේතුවෙන් ලෝක වෙළඳපොළ මිල පහත වැටී, එක්සත් ජනපද සමාගම් තරඟකාරීමය අවාසි තත්ත්වයකට පත්වන බවට චෝදනා කර ඇත.The post ඇමරිකාවේ නව තීරු බදු අද සිට  appeared first on Siyatha News.