දකුණු චීන මුහුදේ ගිලී ගිය වියට්නාම නෞකාවක සිටි පුද්ගලයින් 47ක් බේරා ගැනේ

Wait 5 sec.

දකුණු චීන මුහුදේ නන්ෂා දූපත්හි Yongshu ගල්පරවලට ආසන්න මුහුදේ දී වියට්නාම නෞකාවක් ගිලී තිබේ. ඊයේ(26) රාත්‍රිය වනවිට එහි ගලවාගැනීමේ මෙහෙයුමේදී පුද්ගලයින් 47දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව චීනයේ සන්ෂා නගරයේ බලධාරීහු පවසති.චීන ගලවා ගැනීමේ නෞකාවක් වන“Nanhai Jiu 115”මෙම මෙහෙයුමට සම්බන්ධ වූ අතර එහි සිට ජීවිතාරක්ෂක බෝට්ටු යොදා ගනිමින් ගලවා ගත් පුද්ගලයන් 41 දෙනෙකු වියට්නාම නාවික නෞකාවක් වන “Truong SA-01”වෙත මාරු කර ඇත. එමෙන්ම ගලවා ගත් අනෙකුත් පුද්ගලයින් සිව්දෙනා අද(27) දවසේදී භාරදීමට නියමිතය.පසුගිය 25වනදා ප.ව. 6.23 ට පමණ චීන ප්‍රවාහන අමාත්‍යාංශ ගලවාගැනීමේ කාර්යාංශය මගින් මෙහෙයවනු ලබන “Nanhai Jiu 115”නෞකා කාර්යමණ්ඩලය මුහුදේදී හඳුනාගත් ආපදා සංඥාවලින් පසු අදාළ ගලවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේය. සන්ෂාහි සමුද්‍රීය සෙවීම් සහ ගලවාගැනීමේ බලධාරීන්ට අනුව මෙම බේරාගත් පුද්ගලයින් සියලු දෙනා අනතුරට පත් වියට්නාම Khoi Nguyen 18 නෞකාවේ සිටි වියට්නාම ජාතිකයන් වේ. මෙම නෞකාව දිගින් මීටර් 69.9ක් වන අතර පළල මීටර් 10.8කි. අනතුර සිදු වන අවස්ථාවේ එහි පුද්ගලයන් 62 දෙනෙකු සිටි බව ද වාර්තා වේ. චීන යාත්‍රා 06ක්, හෙලිකොප්ටර්යක් සහ වියට්නාම යාත්‍රා 07ක් ද මෙම ස්ථානයේ සෙවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් සිටී.දකුණු චීන මුහුදේ ගිලී ගිය වියට්නාම නෞකාවක සිටි පුද්ගලයින් 47ක් බේරා ගැනේ.The post දකුණු චීන මුහුදේ ගිලී ගිය වියට්නාම නෞකාවක සිටි පුද්ගලයින් 47ක් බේරා ගැනේ appeared first on Siyatha News.