මාලදිවයිනේ 61 වන නිදහස් සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එරට ජනාධිපති Mohamed Muizzu මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යවා ඇත.චීන-මාලදිවයින් සාම්ප්‍රදායික මිත්‍ර සබඳතා වර්ධනය කර ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කරමින් දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම සඳහා Mohamed Muizzu ජනපති සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.මාලදිවයිනේ 60වන නිදහස් සංවත්සරය වෙනුවෙන්, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා ද මාලදිවයිනේ විදේශ අමාත්‍ය Iruthyasham Adaml මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.The post මාලදිවයිනේ 61 වන නිදහස් සංවත්සරයට චීන ජනපතිගෙන් සුබ පැතුම් appeared first on Siyatha News.