ඊයේ (26) දින සවස් කාලයේ කුච්චවේලි පොලිස් වසමේ නිලාවේලි මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට කුච්චවේලි පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු අවුරුදු 49 ක් වූ නෙදර්ලන්ත ජාතිකයෙක්. මරණකරු නිලාවේලි ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටින අතරතුර නිලාවේලි මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී දියවැලකට හසුව දියේ ගිලී ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ. කුච්චවේලි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.The post දියේ ගිලී විදේශිකයෙකු ජීවිතක්ෂයට appeared first on Siyatha News.