'මම ගැබ් අරගෙන කියලා මටත් කලින් මගේ ෆිට්නස් ට්‍රැකර් එක දැනගෙන හිටියා'

Wait 5 sec.

ෆිට්නස් ට්‍රැකර් උපාංග ඔස්සේ කල් තියා මෙම ලක්ෂණ නිරීක්ෂණය වන බව පවසන සිය ගණනක් වූ කාන්තාවන් අතරින් රවිකා ද එක් අයෙකි. ස්මාර්ට් මුදු, ස්මාර්ට් ඔරලෝසු සහ පපුවේ පළඳින ට්‍රැකර් ඇතුළු ෆිට්නස් ට්‍රැකර් උපාංග එක්සත් රාජධානිය තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වී ඇත. YouGov පර්යේෂණයකට අනුව, 2026 ජනවාරි මාසය වන විට බ්‍රිතාන්‍යයේ වෙසෙන වැඩිහිටියන්ගෙන් 36%ක් ෆිට්නස් ට්‍රැකර් උපාංගයක් තමන් සතුව තබාගෙන භාවිත කර ඇත. එය 2019 ජූලි මාසයේ පැවති ප්‍රතිශතය මෙන් දෙගුණයකට ආසන්න ගණනකි.