හැඳින්වීමපළමු කොටසදෙවන කොටසතෙවෙනි කොටසමහීන්… මම පිටිපස්ස හැරෙද්දිම දැක්කේ බෑග් එකත් එක කරකින් එල්ලගෙන මගේ ගාවින්ම හිනා වෙවී බලන් ඉන්න මහීන්ව..තිසූගෙයි, දුලීගෙයි ඉඟි බිඟි ඔක්කොම අස්සෙන් කෙනිත්තිලි ඇස් ගැහිලි ඔක්කොම විඳගෙන මම මහීන් දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයකුත් මූණෙ තියාගෙන බව මහීන්ට තේරෙන්න ඇති.“මොකද මේ, යකෙක් දැකලා වගේ බය වෙලා, මදෑ මම යාළුවො දෙන්නව අඳුරගන්න හිතාගෙන ආවා” මහීන් එහෙම කිව්වේ හරිම ලස්සනට හිනා වෙන ගමන්..යාළුවෝ දෙන්නා අඳුරගන්න… මෙයාට මොකටද මගේ යාළුවොන්ව අඳුරගන්නේ. එක පාරට එහෙම හිතුනත් ඒ ගැන ඇහුවෙ නැත්තෙ තිසුයි දුලියි දෙන්නා මගේ කටෙන් පිටවෙන වචනයක් ගානේ මටම මඩ ගහන්න පාවිච්චි කරන බව දන්න නිසා.. “ඔය නම් පට්ට පල් බොරුවක් පු‍තෝ.. ඔන්න බලහන් මෙයා මොකටද අපිව අඳුනගන්න එන්නේ” තිසූ ඇස් කොනින් මහීන් දිහා බලන ගමන් මගේ කනට කෙඳිරුවා..මොන දේ වුනත් මගේ යාළුවො අඳුනගන්න ආපු නිසා ඒ දෙන්නව අඳුන්නලා දෙන්න ඕනෙ නිසා මම මහීන්ට තිසුරිවයි, දුල්ශිවයි අඳුන්නලා දුන්නා..ගේට්‍ටුව ගාවටම වෙලා එක එක වල් පල් කියව කියවා ඉඳලා මහීන් ආපහු යනකොට එයා පළවෙනි දවසෙම මගේ හොඳ යාළුවෙක් වුනා වගේම තිසු, දුල්ශි දෙන්නා එක්කත් හොඳටම Fit වෙලා ඉවරයි.. ඒත්.. මහීන්ට යන්න හිතක් නෑ වගේ.. යන්නම් කියලා කිව්වත් ආයෙමත් මොනවාම හරි කථාවක් ඇඳලා අරගෙන තව ටික වෙලාවක් කථා කර කර ඉන්න මහීන් ලොකු උත්සාහයක් ගත්ත බව මට තේරුණා..“එහෙනම් … අපි ගියා..” දහවෙනි වතාවටත් එහෙම කියපු මහීන් යන්න හැරුනාටත් පස්සේ ආපහු මම දිහාට හැරුනේ ආයෙමත් මොකක් හරි දෙයක් කියන්න වගේ.“හයියෝ ආයෙමත් “මගේ හිතේ තිබුන දේම තිසූ මගෙ පැත්තකින් ඉඳන් මුමුණනව යාන්තමට වගේ මට ඇහුනත් මහීන් මගේ දිහා බලන් ඉන්නව දැකපු නිසා මම මුකුත්ම කියන්න ගියේ නෑ.. “මෝඩි, දන්නවද වැඩක්.. “ මහීන් ආයෙමත් කථාවක් ඇඳලා ගන්නයි හදන්නේ..“මම දන්නේ කොහොමද හලෝ.. ඔයා කියන්නේ නැතුව” “හපෝ….හරි හරි කියන්නම් කියන්නම්, මේක කටක් නෙවෙයිනෙ කටර් එකක්නේ.. කට වහන් ඉඳලා ඇරියොත් වලියක්මයි” මහීන් කටත් ඇද කරගෙන එහෙම කියපු විදියට මට හිනා ගියේ නොදැනුවත්වමයි.“මේ.. ඒක නෙවෙයි ඔයාට මොනවම හරි උවමනාවක් වුනොත් මට කථා කරන්න, ඔය පිස්සියො පාරේ තොටේ යනකොට හරියට පිස්සු වැඩ වෙනවලු, ඒ නිසා ඕනෙ නම් මගෙ number එක save පාරක් දාගන්නකෝ..” කට්ට නෑ කොල්ලා.. කෙල්ලොන්ගෙන් number ඉල්ලලා හොඳ පුරුද්දක් තියෙනවා වගේ.“හනේ.. පව් අනේ. මේ…… මෝඩයා phone number එක ඕනෙ නම් කෙලින්ම කියන්න තිබුනනේ, නිකන් මෝඩ කථා කියන්නේ නැතුව” මගේ කටින් ඒ වචන ටික එළියට පැන්නා.“හපෝ.. අද කාලේ කෙල්ලෝ විස්වාස කරන්න පුළුවන්ද අනේ, කොල්ලෙක් phone number එකක් ඉල්ලුවම හිතන්නේ හරියට ඒ කොල්ලා proposal එකක් ගෙනාව වගෙනේ. ඒකයි මම එහෙම කිව්වේ. මට අමතක වුනානේ ඔයා abnormal කියලා :D.”“abnormal නම් මොකටද මගෙන් number ඉල්ලන්නේ, ඉන්න normal කෙල්ලෙක්ගෙන් ඉල්ල ගන්නකෝ.” “normal කෙල්ලො එහෙම දෙන්නෙ නැති නිසානේ හලෝ ඔයාගෙන් ඉල්ලුවේ, මළ මෝඩි” මෙහෙම කියපු මහීන් මගෙ ඔළුවටත් ටොක්කක් අනින ගමන් හිනා වුනා. “හරි හරි, මමත් ඔයා abnormal නිසා phone number එක දෙන්නම්, නැත්නම් මම normal කොල්ලොන්ට phone number දෙන්නේ නෑ” එහෙම කිව්වත් මම මහීන්ට මගේ phone number එක දුන්නේ කිසිම අකමැත්තක් නැතිව. වෙන කොල්ලොන්ට දිනාගන්න බැරි වුන මගේ විස්වාසේ මෙච්චර ඉක්මණට දිනාගන්න තරමට මහීන්ගේ තිබුන විශේෂත්වය තේරුනේ නැති වුනත් හදවතට සමීප බවක්, හොඳම යාළුවෙක්ගෙන් ලැබෙන බැඳීමක් මට මහීන්ගෙන් ලැබෙන බව මම දැනගෙන හිටියා.. මහා ලොකු පණ්ඩිත කථා කිව්වේ නැති වුනත් මහීන් කරන එක පුංචි විහිළුවකින් මගෙ මූණෙ හිනාවක් එන බව මහීනුත් ඒ වගේම දැනගෙන හිටියා.තිසූටයි , දුල්ශිටයි සමුදීලා මහීන් ආයෙමත් ගියාට පස්සේ මට නම් උන් දෙන්නගෙන් ගැලවීමක් නැති වුනා.. “ආව්ව් ආව්ව්, බලපන්කෝ කෙල්ල ඉල්ලපු ගමන් phone number එක දුන්න ලස්සන, මේකි මටවත් ඔච්චර ලේසියෙන් phone number එක දුන්නේ නෑ”. දුලී ආයෙමත් කැගහන්න ගත්තා.. දැන් නම් ඉතින් අද දවසම මුන් එක්ක ඉඳලා ඉවරයි, “ඒ නෑ සිරාවටම මහීන් සිරා කොල්ලෙක් කෙල්ලේ..කවදාවත්ම ඒ වගේ කොල්ලෙක්ව නම් උඹට ලැබෙන්නේ නෑ ආයෙමත්, ඒ නිසා නිකන් ඉන්න එකේ සලකා බලපන්..”දුලී කියපු කථාවෙන් මගේ ඇස් උඩ ඉන්දවුනා.“අනේ කෙල්ලේ, උඹ හොඳටම දන්නවා මම ආදරේ කියන වචනෙටවත් කැමති නැති බව.මම දෙයක් කරනවා නම් අවංකව කරනවා, සලකා බලන්න ගිහින් නිකන් මිනිස්සුන්ගෙ හැඟීම් සෙල්ලමකට අල්ලගන්න මම කැමති නෑ කෙල්ලේ” “හ්ම්ම්.. උඹ ඔහොම හැමදාමත් ඉන්නද කල්පනාව, ජීවිතෙ හැමදාම එකම තැන ඉන්නද කල්පනාව“ තිසූ ඒ පාර නම් ඒක ඇහුවේ ඇත්තටම බව මට තේරුනා.“ආදරේ ජීවිතේට ඕනෙම නෑනේ බන්, අම්මා තාත්තගේ ආදරේ තියෙනවා, උඹලාගේ, මහීන්ගෙ යාළුකම මට තියෙනව.. මට ඒ ඇති බන්.. හීන ලෝක වල ජීවත් වෙලා ඒවා කඩන් වැ‍ටුනම දැනෙන වේදනාවට වඩා මේ විදිය හොඳයි මට” මම එහෙම කිව්වම තිසුයි දුලියි දෙන්නම මගේ දිහා බැලුවේ පුදුම ආදරේකින්..“හ්ම්ම්.. උඹේ කැමැත්තක්.. ඒත් කෙල්ලේ ඔය මූණට හිනාවක් ගේන්න පුළුවන් කෙනෙක්ව අපි අද දැක්කා, ඉතින් ඒ හිනාව හැමදාම උඹේ මූණේ තියෙනවා නම් අපි හරිම ආසයි, ඒ නිසා කරන දෙයක් කල්පනාවෙන් කරපන්, උඹට ඕනෙම දේකට අපි ඉන්නවා”ඒ ආදරේ, ඒ සහෝදරකම නිසා මගේ ඇස් වල කඳුළු පිරුනත් ඉක්මනට පිහිදගත්තේ මම අඬනවා දකින එක තරම් අකමැති දෙයක් දුලීටයි තිසූටයි නොතිබුන නිසා.. මගේම සහෝදරියෝ වගේ ඉන්න මේ දෙන්නා මම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන බව මම දැනගෙන හිටියා.. තිසුයි දුලීයි එක්ක හිමින් හිමින් ෆැකල්ටිය පැත්තට ගිහින් මහන්සි යවන්න හිතාගෙන තෙල් බැම්මක වාඩි වුනත් මගේ හිත තිබුනේ දුලීයි තිසුයි කියපු දේවල් වලින් පිරිලා.. ඇත්තටම මම මීට කලින් හිනා වෙලා නැද්ද? සමහර විට එහෙම වෙන්නත් ඇති….හ්ම්ම්.. ඒත් ඇයි එහෙම හිතුනේ මේ දෙන්නට, මම ජීවිතේ විඳිනවා කියලා හිතුවත් ජීවිතේ ඇත්තටම විඳවනවද?….කල්පනා ලෝකේ ටිකින් ටික හිත අතරමං වෙද්දි මම එක පාරටම ගැස්සිලා ගියේ මගේ ෆෝන් එක රිංග් වෙන්න ගත්ත නිසා.. අම්මගෙනුයි යාළුවොන්ගෙනුයි ඇරෙන්න call එකක්වත් නොලැබෙන නිසා ෆෝන් එකෙ ringing tone එකත් අමතක වෙලා තිබුන මට මේ වෙලාවේ කෝල් කරන්නේ කවුද කියලා බලද්දි මම දැක්කේ නොදන්න number එකක්“හෙලෝ….” නොදන්න කෙනෙක් නිසා බොහොම සංවරව කථා කරත් එහා පැත්තෙන් මට ඇහුනේ හිනාවක්.. “කවුද මේ…“ ඒත් එක්කම අහලා පුරුදු කටහඬකින් කොල්ලෙක් කථා කරත් ඒ කවුද කියන එක මට හිතාගන්න බැරි වුනා..“ඔයා කවුද කියනවද? ඔයානේ මට ගත්තේ”කටහඬ මතක් කරගන්න පුළුවන් තරම් try එකක් දෙන ගමන් මම ඇහුවා.ආයෙමත් සැරයක් ලස්සන හිනාවකුත් එක්ක නිහඬතාවයක්.“මහීන්..”සැකයක් තිබුනත් හෙමින් සැරේ ඇහෙන නොඇහෙන සද්දෙන් මම එහෙම ඇහුවේ ඒ මහීන් නොවුනොත් කියන බයත් එක්ක..“හ්ම්ම්ම්ම්….ඔව් ඔව් එයා තමා,. අනේ අනේ.. මගේ number එක දාගත්ත හැටි තමා නේ ඔය.. අනේ ඉතින් දැන්මම මෙහෙම අමතක වෙනවා නම් පස්සේ කාලෙක දැක්කත් අහක බලාගෙන යාවි”අනේ එහෙම නෑ කියලා කියන්න උවමනා වුනත් ඒ කටහඬ අහගෙන ඉඳිද්දී මොකක්දෝ අමුතු හැඟීමක් දැනුන නිසා මම කථා කරේ හරිම අඩුවෙන්. සමහරවිට මම ආස කරපු විදියේ නිවුන තැන්පත් ඒත් ගැඹුරු කටහඬක් මහීන්ට තිබුන නිසා වෙන්න ඇති. මහීන් කියවපු හැමදේම මම සද්දයක් නැතුව අහගෙන හිටිය එක මහීන්ටත් ප්‍රශ්නයක්. “කෝ ඉතින්, කෝච්චියේදි කටර් එක වගේ කියවන වර්ෂා නෙවෙයිද ඔය” මගේ සද්දයක් නැතිම තැන මහීන් ඇහුවා.“ඒ, වර්ෂම තමා අනේ, ඒත් ඉතින් කියවලා කියවලාම මට එපා… වෙලා..” ඇදලා පැදලා මම එහෙම කිව්වම මහීන්ට සද්දෙට හිනාවක් ගියා. “පුදුමයි ඔයාට කියවන එක එපා වෙලා කියලා කියපු එක, හා හා හරි එහෙනම් කෝච්චියේදිම සෙට් වෙමුකෝ ආයේ, නැත්නම් ඉතින් ඔය කටර් එක වැහුනොත් මටමනේ පාළු” “හ්ම්ම්.. හරි එහෙනම්,බුදුසරණයි.. බායි..” එහෙම කියලා මහීන් phone එක තිබ්බම මට දැනුනේ වෙනදට නොදැනෙන විදියේ සතුටක්. එයාට පාළුලු,……. පිස්සෙක්…… කෝච්චියෙදි සෙට් වෙමුලු..….. ඒ කියන්නේ මේ සිකුරාදත් මට මහීන් එක්කම ගෙදර යන්න පුළුවන්…….. හිතට එන ඒ වගේ එක එක විකාර ගැන හිතලා හිත ඇතුලෙන් ආපු සතුට එක පාරටම හිනාවක් වෙලා එළියට එද්දි තිසුයි දුලියි මගේ දිහා බලාගෙන හිනාවෙනවා මම දැක්කා.“උඹ ඉවරයි බන්.. ආයෙ ගන්න දෙයක් නෑ. ඔන්න අදින් තනිකඩ ජීවිත ගෙවපු අපි තුනෙන් එකෙක් ඩබල් වෙනවා”එහෙම කියලා තිසූ මහා හයියෙන් හිනා වුනා..“පිස්සු…. උඹලා හිතන විදියට කොල්ලෝ සෙට් කරගන්න ගියොත් මට ඉතින් ඒ ඇරෙන්න කරන්න වෙන වැඩක් නැති වෙයි, මහීන් මගේ හොඳ යාළුවෙක් විතරයි.. ඊට එහා දෙයක් බලාපොරොත්තු වෙනවා නම් උඹලට වැරදිලා.” “හා හා.. හරි හරි.. අපි බලමුකෝ.. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න නෙවෙයි නම් කමක් නෑ. හැබැයි පොල් පැලෙත් ගොනා කනකන් කැමැත්තෙන් බලන් ඉන්නවා නම් අපිට මොකෝ ඉතින් ” දුශී කියපු දේ ලාවට වගේ මටයි මහීන්ටයි ඇනුම් පදයක් බව නොතේරුනාම නෙවෙයි. ඒත්.. එහෙම දෙයක් කවදාවත්ම වෙන්න බැරි බව මම දැනගෙන හිටිය නිසා මම තවත් ඒ ගැන මුකුත්ම කියන්න ගියේ නෑ..ඒත්….නමක් දෙන්න බැරි අමුතුම සුන්දර බැඳීමකින් මහීනුත් මමත් බැඳිලා ඉන්න බව ඒ දෙන්නටම නොකිව්වත් මට තේරුණා. සහෝදර බැඳීම, යාළුකම ඔක්කොම එකතු වුන ඒ බැඳීම පිවිතුරු සුන්දර හැඟීමක් විදියට පිළිගත්තත් ඒ බැඳීමට ආදරේ කියන නම දෙන්න උවමනාවක් මට පොඩ්ඩක්වත් තිබුනේ නෑ..**************************************************ආදරය නම් අකුරු හතරේ අර්ථයක් නොදු‍ටු තරුණියක්. සැහැල්ලු දිවියක හීන වලින් පිරුන ඇගේ සිත වටහාගත නොහැකි ගැටළුවක්.. ඇය ඇත්තටම ආදරය නොහඳුනන්නියක්ද? නැතිනම්…..හමුවෙමු ඊළඟ කොටසින්..