මොංගෝලියාවේ දැවැන්ත ලැව්ගින්නෙන් හානි වූ ප්‍රදේශ යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය ලබාදීමට ජපාන අග්‍රාමාත්‍ය Takaichi Sanae ප්‍රතිඥා දී තිබේ.ඒ, මොංගෝලියානු අග්‍රාමාත්‍ය Nyam-Osor Uchral සමඟ පැවැත්වූ දුරකථන සාකච්ඡාවකදීය.නැගෙනහිර මොංගෝලියාවේ ස්වභාවික රක්ෂිතයක ඔක්තෝබර් 8 වැනිදා ආරම්භ වූ මෙම ලැව්ගින්න, ජපානයේ ප්‍රමුඛ විදුලි සංදේශ සමාගමක් වන KDDI හි එරට අනුබද්ධ සමාගමක ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වී ඇති බව එම සමාගම පැහැදිලි කර තිබේ. ඒ සම්බන්ධයෙන් සමාගම සමාව ද ප්‍රකාශ කර ඇත.එමෙන්ම, වන සංරක්ෂණය සහ පාරිසරික සංරක්ෂණය පිළිබඳ විශේෂඥයන් පිරිසක් Japan International Cooperation Agency (JICA) හරහා මොංගෝලියාවට යවා ඇති බව ද Takaichi සඳහන් කර ඇත.The post මොංගෝලියාවේ ලැව්ගින්නෙන් හානි වූ ප්රදේශ යළි ගොඩනැඟීමට ජපානයේ සහාය appeared first on Siyatha News.