ඩබ්ලින් ගුවන් තොටුපොළේදී රයන්එයාර් (Ryanair) ගුවන් සේවයේ ගේට්ටු කාර්ය මණ්ඩලය තමන්ට සහ සිය පවුලේ සාමාජිකයින්ට "වෙනස් කොට සලකමින් තර්ජනාත්මක අයුරින්" හැසිරුණු බව ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. "ගොඩක් අය හිතන්නේ මම වීසා පෙන්නන්න බැහැ කියලා උමතුවෙන් හැසිරුණා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. එහෙනම් මම හැම දා ම යන යන තැන වීසා පෙන්නන්න බැහැ කියන්න ඕනේ,"