හිටපු ජපන් අගමැති Yasuo Fukuda අභාවප්‍රාප්ත වෙයි – චීනයත් සොව පළ කරයි

Wait 5 sec.

2007 සිට 2008 දක්වා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ, ජපානයේ හිටපු අගමැති Yasuo Fukuda අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 90වන වියේ පසුවිය. චීනය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට උත්සාහ කළ අගමැතිවරයෙකු ලෙස ඔහු ජපන් ඉතිහාසයට එක් වේ.ජපාන හිටපු අගමැති Fukuda Yasuoගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං ද Fukuda Yasuoගේ පවුලේ සාමාජිකයන් වෙත ‍ශෝක පණිවිඩයක් යොමු කළේය.ඉතිහාසය පිළිබඳ නිවැරදි දැක්මකින් සිටි Fukuda Yasuo, චීන-ජපාන මිත්‍රත්වය වෙත වැඩි අවධානයක් යොමු කළ බව  ෂී ජින්පිං එහිදී පෙන්වා දුන්නේය. ඔහු අගමැති ධුරය දැරූ කාලය තුළ, චීනය සහ ජපානය අතර සිව්වන දේශපාලන ලේඛනය, එනම් “උපායමාර්ගික සහ අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී සබඳතා පුළුල් ලෙස වැඩිදියුණු කිරීම පිළිබඳ චීනය සහ ජපානය අතර ඒකාබද්ධ ප්‍රකාශය” අත්සන් තැබිණ. ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා වන වැදගත් මූලධර්මය එමගින් පැහැදිලි කර ඇත.The post හිටපු ජපන් අගමැති Yasuo Fukuda අභාවප්‍රාප්ත වෙයි – චීනයත් සොව පළ කරයි appeared first on Siyatha News.