'කකුල් දෙකෙන් ඇවිදන් ගිය මනුස්සයා ආපහු ආවේ, උස්සගෙන': හෝමාගම පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ඉෂාරගේ කතාව

Wait 5 sec.

"ගහලා මැරුවේ.. එයාට කිසි ම ලෙඩක් තිබුණේ නෑ. කකුල් දෙකෙන් ඇවිදන් ගිය මනුස්සයෙක් එනකොට කොහොම ද උස්සගෙන එන්නේ. තිරිසනෙකුට වගේ ගහන්න ඇති බඩවල්වල නිල් පැල්ලම්, කටෙන් ලේ පැනලා."හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාරගේ බිරිඳ වන පියුමි නිසංසලා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ, පොලිස් පහර දීම හේතුවෙන් තම සැමියා මිය ගිය බව ය.