හෝමාගම පොලිස් අත්අඩංගුවේදී තරුණයෙක් මිය යාම: 'පහර දුන්නේ නෑ කියන එක බැහැර කරන්න බැහැ' - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

Wait 5 sec.

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය ඉෂාර හර්ෂ කුමාරට අපරාධ අංශය තුළදී පහර දීමක් සිදු වූ බවට තොරතුරු ලැබෙමින් පවතින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 29) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.කෙසේ වෙතත්, එම තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.