ගුවන් සේවාවක, ගුවන් සේවිකාවක හෝ ගුවන් සේවකයෙකු ලෙස සේවය කිරීමට වර්තමානයේ බොහෝ තරුණ පිරිස් උනන්දුවක් දක්වති.ඒ හරහා බොහෝ රටවල්වල නොමිලේ ම සංචාරය කළ හැකි වීම මෙන් ම, ආකර්ෂණීය වැටුප් සහ වෙනත් ප්රතිලාභ ද හිමි වීම ඊට හේතු වී තිබේ.ශ්රී ලාංකිකයන්ට ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන SriLankan ගුවන් සේවයට මෙන් ම ශ්රී ලාංකිකයන් බඳවා ගන්නා තවත් විදේශීය ගුවන් සේවාවන් කිහිපයකට ම අයැදුම් කිරීමේ හැකියාව පවතී.