'Transit visa' ප්‍රතික්ෂේප වීමෙන් කුක් දුපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කත : 'මට පණපිටින් එන්නේ දෙන්නේ නැත්නම් බොඩි එක හරි ලංකාවට එවයි කියලා අක්කා කියනවා'

Wait 5 sec.

මීට වසර නවයකට පෙර විදේශගත වූ 50 හැවිරිදි රුචිරා රණසිංහ මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටි කුක් දූපතේ රැඳී සිටින්නේ ඇය මුහුණ දී ඇති වීසා ගැටලුවක් හේතුවෙන් බව ඇයගේ සහෝදරයා වන සමීර රණසිංහ පැවසීය.දැඩි මානසික පීඩනයකින් කුක් දූපතේ රැඳී සිටින රුචිරා බීබීසීය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, කුමන කොන්දේසියක් යටතේ හෝ තමන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තමන්ට සහය වන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.