චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ Wang Yi , ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් Ali Bagheri Kaniව හමුවිය. එම හමුව ඊයේ (02) චීනයේ බෙයිජිංහිදී සිදුවිය.මැදපෙරදිග කලාපයේ වත්මන් ගැටුම දීර්ඝ කාලයක් පුරා පවතින බවත්,එය විසඳීමට ඇති එකම මාර්ගය සංවාදය සහ සාකච්ඡා පමණක් බවත් Wang Yi එහිදී පෙන්වා දුන්නේය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ මුලපිරීම් සහ යෝජනා අනුගමනය කරමින්, විවිධ පාර්ශ්වයන් සමග එක්ව, මැදපෙරදිග කලාපයේ සාමය යළි ගොඩනැංවීමට අඛණ්ඩව උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටින බවත්, කලාපීය සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සියලු පාර්ශ්වයන් සමග අඛණ්ඩව කටයුතු කරන බවත් ඔහු පැවසීය.ඉරානයට සිය ස්වෛරීභාවය සහ ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීම සඳහා චීනය සහාය දෙන බව Wang Yi ප්‍රකාශ කළේය.ජනාධිපති ෂී ජින් පිං ඉදිරිපත් කළ මුලපිරීම් සහ යෝජනා පිළිබඳවත් බහුපාර්ශ්විකත්වය තහවුරු කිරීම සම්බන්ධයෙන් චීනය දරන ස්ථාවරය පිළිබඳවත් ඉරානය අගය කරන බව Ali Bagheri Kani එහිදී සඳහන් කළේය.The post ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට චීනයේ සහාය appeared first on Siyatha News.