ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.නාමල් රාජපක්ෂගේ මව සහ පියා දැඩි අසනීප තත්ත්වයකින් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරුන් ඉකුත් දා අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබිණි.