යුක්රේනයේ මානුෂීය ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට රුසියානු බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් තිබේ. යුක්රේන ජනාධිපතිවරයා මෙම ප්‍රහාරය හැඳින්වූයේ “අතිශය භයානක ප්‍රහාරයක්” ලෙසයි.දකුණුදිග Zaporizhzhia කලාපයේ Komyshuvakha ගම්මානයට කිලෝග්‍රෑම් 3,000 බැගින් බරැති ගුවන් බෝම්බ නවයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පතිත වීමෙන් මෙම ප්‍රහාරය සිදුව ඇති බව කලාපීය ප්‍රධානී Mykhailo Semikin ප්‍රකාශ කළේය.ජනාධිපති Volodymyr Zelensky පැවසුවේ මානුෂීය කටයුතු සඳහා භාවිත කළ ප්‍රදේශයේ පාසලකට පළමු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු, ජනතාව ආරක්ෂාව පතා රැඳී සිටි ස්ථානයට දෙවන ප්‍රහාරය එල්ල කර ඇති බවයි.රුසියානු හමුදාව මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නොමැතThe post යුක්රේනයේ මානුෂීය ආධාර මධ්යස්ථානයකට රුසියානු බෝම්බ ප්රහාරයක් – පුද්ගලයන් 26 දෙනෙකු මරුට appeared first on Siyatha News.