යුක්තිය ඉටු කිරීමේ දී සීමිත ප්‍රගතියක් ලබා ගෙන ඇති වතාවරණයක් තුළ, බරපතල අපරාධ සඳහා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක නායකත්වය දෙනු ලබන වත්මන් ආණ්ඩුව කඩිනම් ප්‍රතිචාර දක්වා නොමැති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ. එමෙන්ම, මීට පෙර අතරමග ඇණ හිටි තිබූ වැදගත් විමර්ශන කිහිපයක්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය යටතේ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ද එම සංවිධානය පෙන්වා දී තිබේ.