නැගෙනහිර වෙරළේ ඛනිජ වැලි: රටේ ඊළඟ විශාල අපනයන සම්පත ද? තවත් පාරිසරික අර්බුදයක් ද?

Wait 5 sec.

අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රධාන වශයෙන් කැණීම් සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ඛනිජ වැලි කැණීම්, ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගම්වලට අනුව ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගෙන එන කර්මාන්තයකි. කෙසේ නමුත් මෙයින් ඇති විය හැකි පාරිසරික බලපෑම මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් සිදු කරනු ඇති බවට එම ජනතාව සැක පළ කරති.