2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සඳහා සංස්කෘතික හුවමාරු උත්සවය ඊයේ (30) කිර්ගිස්ථානයේ බිෂ්කෙක් අගනුවරදී පැවැත්විණ.චීන මාධ්‍ය සමූහය සහ කිර්ගිස්ථානයේ ජාතික රූපවාහිනී සහ ගුවන් විදුලි සමාගම ඒකාබද්ධ ව සංවිධාන කරන එම උත්සවයට විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයෝ සියයකට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Japarov මහතා එම උත්සවයට සුබ පැතුම් ලිපියක් යොමු කරමින් කියා සිටියේ මෙම උත්සවය විවිධ පාර්ශ්වයන් අතර මාධ්‍යයන්හි ප්‍රායෝගික සහයෝගිතාව පුළුල් කිරීමට නව ජවයක් ලබා දෙනු ඇති බවය.චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ද එම උත්සවයට එක් වී දේශනයක් පැවැත්වීය. ශැංහයි සහයෝගිතා සංවිධාන සාමාජික රටවල මාධ්‍ය ආයතන සමග සහයෝගිතා තවදුරටත් පුළුල් කරමින් විශිෂ්ට සංස්කෘතික හුවමාරු පරිච්ඡේදයක් ඒකාබද්ධව නිර්මාණය කිරීමට චීන මාධ්‍ය සමූහය කැමැත්තෙන් සිටින බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.එම අවස්ථාවේදී තවත් සහයෝගි වැඩසටහන් මාලාවක් එළිදැක්විණ. ඒ අතරින් චීන මාධ්‍ය සමූහය, කිර්ගිස්ථානයේ ජාතික රූපවාහිනී සහ ගුවන් විදුලි සමාගම සහ පාකිස්ථාන රූපවාහිනී සංස්ථාව ඒකාබද්ධ ව “ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල මාධ්‍ය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම (2026–2027)” එළි දැක්වීම විශේෂත්වයකි.The post ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සඳහා සංස්කෘතික හුවමාරු උත්සවය කිර්ගිස්ථානයේදී appeared first on Siyatha News.